01st June 2018 17:25:17 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ සිය අත්දැකිම් බෙදාගැනීම සඳහා බදාදා (30) දින කල්මුණෙයි සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයන් හි ස්ථාපිත බලසේනාවන්හි සංචාරයක නිරත විය.
එම සංචාරය අතරතුර 242 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භට පිරිස් අමතමින් සංහිදියාවේ ඇති වැදගත්කම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම වන හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් ඇති කරලීම සඳහා දැඩි විනය මෙන්ම පුහුණුවේ ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරන ලදී.
අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමගින් කල්මුණෙයි ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානය වැද පුදා ගත් අතර විහාරාධිපති හිමියන් සමගින් සුහද පිළිසදරක ද නිරත වුහ. මෙම විහාරස්ථානය වන්දනාමාන කිරිමට ප්‍රථමයෙන් එතුමන් සෙන්ගමුව සහ කන්චනාඩුඩ ප්‍රදේශයන් හි ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන බලඇණිවල ද සංචාරයක නිරත විය.
දිනයේ අවසන් අංගය ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පනන්වල අක්කරෙයිපත්තු නගරයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයේ පැවති ‘ඉෆ්තාර්’ සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
යහපත් ජනවාර්ගික සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කරගැනිමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමගින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සියළුම මුස්ලිම් නිලධාරින් මෙම අවස්ථාව සඳහා එක් වු අතර මෙවන් අවස්ථාවක් සඳහා සහභාගිවීම සඳහා තමන්ට ආරාධනා කිරිම සබැදිව මුස්ලිම් ප්‍රජාවට සිය කෘතඥතාවය පුද කළහ.
එමෙන්ම අක්කරෙයිපත්තු නගරයේ මුස්ලිම් දේවාස්ථානයේ සභාපතිතුමන් විසින් මාතෘභුමියේ සාමය නැවත ස්ථාපිත කල යුද්ධ හමුදාවට ආශීර්වාද කරමින් විශේෂ මුස්ලිම් දේවමෙහයක් පවත්වන ලද අතර මාතෘභුමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හට සිය කෘතඥතාවය ද පුද කලහ. මෙම සංචාරය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් භට කාර්ය සම්පාදන ද එක්ව සිටියහ.
Nike shoes | Air Jordan