Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2018 12:39:00 Hours

බෞද්ධ පුනර්ජීවනය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව ‘ඉරිදා සියදෙස’ පුවත්පතේ විශේෂාංග ලිපියක්

ශ්‍රී ලංකාවේ පළවන සතිඅන්ත සිංහල පුවත්පතක් වන ‘ඉරිදා සියදෙස’ 2018 මැයි මස 27 වන දින පුවත්පතේ ‘බෞද්ධ පුනර්ජිවනයට යුද හමුදාව පිවිසෙයි’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භවු 1949 වසරේ සිට යුද්ධ හමුදාව බෞද්ධ පූජනීය ස්ථාන සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙමින් සහ බුදු දහම පෝෂණය කිරිම සඳහා පෙරමුණ ගෙන කටයුතු කිරිම සබැදිව විශේෂාංග ලිපියක් පලකර ඇත.

එම විශේෂාංග ලිපිය පහත සඳහන් පරිදි වේ ;

‘බෞද්ධ පුනර්ජිවනයට යුද හමුදාව පිවිසෙයි’

මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන ජාතිය ගොඩනැංවීමේ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අවධානය සහ පූර්ණ මඟපෙන්වීම යටතේ බෞද්ධ අධ්‍යාත්මික වටිනාකම් හා ආගමික ඇදහිල්ල ප්‍රවර්ධනය කිරීම සඳහා යොමුවි ඇත. ඒ අනුව දිවයින පූරා පිහිටි බෞද්ධ සිද්ධස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඇවැසි දායකත්වය සැපයීමට යුද්ධ හමුදාව නිරන්තරයෙන් කැපවී සිටියි.

යුද්ධ හමුදාව වෙත කරන ලද ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් ඒ සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමාගේ අවධානය යොමු කරමින් බෞද්ධ විහාරස්ථාන රැසක අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වනවිටත් යුද්ධ හමුදාව ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, ඉංජිනේරු සේවා බලකායන්, 53 වන සේනාංක මූලස්ථානය, රෙජිමේන්තු මධ්‍යස්ථාන, ස්වාධීන බලසේනා සහ යුද්ධ හමුදා මූලස්ථානය යන ස්ථානයන්හි සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් දහස්ගණනක් සිය ක්‍රියාකාරි දායකත්වය සපයනු ලබයි.

එම ව්‍යාපෘති අතරින් කිහිපයකම යුද්ධ හමුදා භට පිරිස් විසින් මුලික යටිතල පහසුකම් ඉදිකිරීම සහ අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය ආදිය සිදු කරනු ලබයි. තවද එම පූජනීය ස්ථානයන්ට බැතිමතුන්ගේ පැමිණිම වැඩි වූ අවස්ථාවන්හිදි විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීට අනුව එම ස්ථනවල ආරක්ෂාව සැපයීම සඳහා ද භට පිරිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.

එමෙන්ම දිළිදු පවුල් බහුලව ජිවත්වන ඉතා දුෂ්කරවු උතුරු නැගෙනහිර පළාත් තුල වැඩවාසී භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිරිනැමීමට ද යුද්ධ හමුදා භට පිරිස් දායකත්වය සපයයි. එවැනි ආගන්තුක සත්කාරයන් බොහොමයක් සිදුකරනු ලබන්නේ, විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා මෙන්ම බෞද්ධාගමික සිවිල් ජනතාව විසින් එවන් අවශ්‍යතාවයන් පිලිබඳ එම ප්‍රදේශවල හමුදා බලධාරීන්ගේ අවධානය යොමුකිරීමෙනි.

1949 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධිමත් ලෙස ආරම්භවීමත් සමඟම, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය ඇති කිරීමෙහිලා උපරිම සහයෝගය හා ගෞරවයන් ලබා දී ඇති අතර, බෞද්ධ ධර්මය ඉගෙනීම තුලින් බුද්ධ ශාසනය පෝෂණය කිරීම සඳහා ද අවස්ථාව සපයා ඇත. වර්තමානයේ එම ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට ලබාදුන් පිළිගැනීම තවතවත් තීවෘර කිරීමට වත්මන් යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු සියලුම පුරෝගාමින් එක්ව කටයුතු කරනු ලබයි. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එයට නව මුහුණුවරක් එක්කරමින් අන්තර්ජාතික හා දේශීය වැදගත්කමකින් යුත් නව බෞද්ධ ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා උර දී කටයුතු කරනු ලබයි.

එසේම, යුද්ධ හමුදාව රට තුළ ප්‍රමුඛතම සේවා සපයන්නා ලෙස පසුගිය වසරේ වට්ටාරාම වෙසක් කලාපය සඳහා දැක් වූ දායකත්වය මෙන්ම මෙම වසරේ බිංගිරිය වෙසක් කලාපයට සමගාමීව ධර්ම ශාලවක් ද ඉදිකරමින් රජයට යම් අරමුදල් ප්‍රමාණයක් ඉතිරි කරදෙන ලදි.

ගෙවිගිය වෙසක් සමයට ප්‍රථම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සිය ගණනක් අදාළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම මත වඩාත් පූජනීය වූ රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, මිහින්තලය රජමහා විහාරය, සඳහිරු සෑය සහ හදගලකන්ද විහාරය යන විහාරයන් පින්තාරු කිරීම, අලුත්වැඩියා සහ පිළිසකර කිරීමේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වය සැපයූ අතර, වෙසක් පොහෝය නිමිත්තෙන් එම විහාරයන් අවට පරිසරය පිරිසිදු කරදීමට ද කටයුතු කළහ.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය නොමසුරු දායකත්වය ලබාදුන් අතර, එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ශීල ව්‍යාපාරයක්, බැති ගී ප්‍රසංගයක්, දන්සැලක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත් වූ අතර, එම ප්‍රදේශයේ මාර්ගයන් දෙපස මෙන්ම වෙසක් උත්සව සංවිධානය කර තිබු පරිශ්‍රයන් තුල බෞද්ධ කොඩිවලින් අලංකාරවත් කරන ලදී.

නැගෙනහිර ප්‍රදේශයේ සංවිධානය කිරීමට බලාපොරොත්තු වූ බොහෝ වෙසක් උත්සව වැඩසටහන් සාර්ථක කරගැනීමට එම සංවිධායක කමිටුවලින් කල ඉල්ලිම්වලට නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් ප්‍රමුඛත්වයක් මත සහයෝගය ලබාදීමට කටයුතු කලහ.

ඒ අනුව පොළොන්නරුව සෝමාවතිය රජමහා විහාරය, කන්තලේ මහවැලිපුර මහා විහාරය, ත්‍රිකුණාමලය දෙහිවත්ත රජමහා විහාරය, සේරුවිල මංගල රජ මහා විහාරය, අරලගංවිල ශ්‍රී විසුද්ධාරාමය, දෙහිඅත්තකණ්ඩිය, කජුවත්ත ආරණ්‍ය සේනාසනය, අරලගංවිල රත්මල්තැන්න සුනන්දාරාම විහාරස්ථය, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, නාමල්තලාව ශ්‍රී ශෛලබිම්භාමාරාමය, මහාවාපි විහාරස්ථානය, මහියංගනය රජමහා විහාරය, අළුත්තාරාම ශ්‍රී සුදර්මාරාමය, හිඟුරාන යසෝදරා සිල්මාතා ආරණ්‍ය සේනාසනය, රංගිරි උල්පත රජ මහා විහාරය සහ පොතුවිල් මුහුදු මහා විහාරය වැනි බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය ආගමික ස්ථාන නැවත පින්තාරු කිරීම, අලුත්වැඩියා කිරීම, නැවත ගොඩනැඟීම, තාවකාලික කුටි ඉදිකිරීම සහ පිරිසිදු කිරීම ආදි බෞද්ධ ආගමික වැඩසටහන් සිදුකරලීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නොමසුරු දායකත්වය ලබාදෙන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චිය ලුම්බිණි විහාරය, මාන්කුලම් සුගත විහාරය, පුනරීන් හන්දිය විහාරය, ජයපුරම් නෙලුම් බුද්ධ ප්‍රතිමාව සහ පරන්තන් හන්දිය විහාරය යන විහාරස්ථානයන්හි අලුත්වැඩියා කටයුතු, නැවත පින්තාරු කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු මෙන්ම වෙසක් සැරසිලි සහ බැතිමතුන් වෙනුවෙන් දන්සැල් පවත්වමින් වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය ලබාදුනි.

එමෙන්ම, වෙසක් උත්සව සැමරැම් කටයුතු සුදානම් කෙරෙමින් පවතින අවස්ථාවන්ට සහයෝගය දක්වමින් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් කඳුබොඩ බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානය, කැළණිය රජමහා විහාරය සහ මෙත් සිත් අරණ වැනි විහාර හා බෞද්ධ ආයතනයන් වෙත සිය සහයෝගය දැක්වූහ.

එලෙසම, ආරක්‍ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ වන යුද්ධ හමුදා ස්වාධීන බලසේනා භට පිරිස්, රෙජිමේන්තු මධ්‍යස්ථාන, පුහුණු පාසල් සහ අනෙකුත් අතිරේක ඒකක වෙන්වෙන් වශයෙන් වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය, මානෙල්වත්ත බෞද්ධ විහාරය, හුණුපිටිය ගංගාරාමය, ශ්‍රී සම්බෝධි විහාරය සහ කැළණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආදි පූජනීය ස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ලැබු වෙසක් කලාපයන් සඳහා ද විශාල සහයෝගයක් ලබාදුනි. තවද, යුද්ධ හමුදා භට පිරිස් වෙසක් කූඩු සිය ගණනක් නිර්මාණය කරමින් සිය කඳවුරු පරිශ්‍රයන් තුළ හා ඒ අවට ප්‍රදර්ශනය කළ අතර, වෙසක් උත්සවය වෙනුවෙන් භාවනා වැඩසටහන්, ශීල ව්‍යාපාර, ආගමික වතාවත් සහ දන්සැල් පැවැත්විම සිදු කළහ.

එවැනිම වූ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, නෙල්ලිගල විහාරය, රණවත විහාරය, ශ්‍රී විමලාරාම විහාරය, කල්පවෘක්ෂ විහාරය, වීරකැටිය සූරියවැව නාසෙවණ, කැබ්බිලිත්ත දේවාලය, සිතුල්පව්ව රජමහා විහාරය, කිරිවෙහෙර රජමහා විහාරය සහ වැඩසිටිකන්ද ආදි පූජනීය ස්ථාන සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා භක්ති ආදරයෙන් යුතුව ලබාදෙන ලදි. තවද, විහාරාධිපති හිමිවරුවන්ගේ සහ මහානායක හිමිවරුන්ගේ පුර්ණ සම්බන්ධිකරණයෙන් භට පිරිස් පූජනීය ස්ථානවල ඉදිකිරීම් කටයුතු, අලුත්වැඩියා කටයුතු, නැවත පින්තාරු කිරීම මෙන්ම පිළිසකර කිරීමේ කටයුතු ද නිරන්තරයෙන්ම සොයා බලා අවැසි පරිදි සිදු කරනු ලබයි.

වෙසක් සැමරුම වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළහ. එහිදී ‘යාපා පටුනයි දහම් අමාවයි’ වි‍ශේෂ වෙසක් කලාපයක් සහ ඉන්දියාවෙන් වැඩමකරවන ලද විශේෂ ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්විය. තවද බැතුමතුන් හට ආහාරපාන සහ රසකැවිලි ද භට පිරිස් විසින් ලබාදුන් අතර, යාපනය ශ්‍රී නාග විහාරය, කන්දරොඩෙයි විහාරය, නාගදීපය සහ නාවක්කුලි සමද්ධි සුමන විහාරය ආදි පූජනීය ස්ථාන වර්ණවත් ලෙස ආලෝකමත් කරන ලදි. එසේම වෙසක් සමයේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුලු සහ වෙසක් කූඩුවලින් ආලෝකමත් කරමින් වෙසක් පොහෝ දින වැඩසටහන් වලට සමගාමීව ආලෝක පූජාවන් පවත්වන ලදී. සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් නාවත්කුලි විද්‍යාලයේ සිසුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබූහ.

රට දැය වෙනුවෙන් මියගිය රණවිරුවන් සිහිකිරීමට නිර්මාණය කරණ ලද අනුරාධපුර සඳහිරුසෑයේ ඉදිකිරිම් කටයුතු සඳහා දඹුල්ලේ පිහිටි 53 සේනාංක භට පිරිස් නිරන්තරයෙන් සිය දායක්වය සපයනු ලබයි.

එමෙන්ම, මුලතිව් හි වැඩවාසය කරන්නාවූ භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපුරාලමින් මුලතිව් භට පිරිස් එම පූජනීය ස්ථානයන්හි ගොඩනැගිලි නඩත්තු කිරීමේ කටයුතු සඳහා තම ශ්‍රම දායකත්වය දැක් වූ අතර, කෝකිලායි බෞද්ධ මධ්‍යස්ථානය සහ තවත් බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වෙත ද භට පිරිස් සිය දායකත්වය දැක් වූහ.

එසේම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය, 59 වන සේනාංකය, 64 වන සේනාංකය සහ 68 වන සේනාංකය එක්ව මුලතිව් ප්‍රදේශයේ දී වර්ණවත් වෙසක්කූඩු ප්‍රදර්ශනයක් සහ සිවිල් වැසියන් වෙනුවෙන් දන්සලක් ද පවත්වන ලදි.

තවද, යුද්ධ හමුදාධිපතිතුමා වෙත යොමු කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු ඉංජිනේරු භට පිරිස් විසින් ජාතිය ගොඩනැංවිමේ කාර්ය භාර්යයට දායක වෙමින් දැනට දිවයින පුරා විහාරස්ථාන්හි සංවර්ධන ව්‍යාපෘති 20 කට වඩා වැඩි ප්‍රමාණයක නිරතව සිටියි. එම ව්‍යාපෘතීන්හි   ඇස්තමේන්තුගත වියදම සාමාන්‍යයෙන් බාගයන් පමන කපා හැරීමට යුද්ධ හමුදාවට හැකියාව ඇති බැවින් ඔවුන්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික විශේෂඥතාවය එම විහාරස්ථානවල ප්‍රයෝජනය සඳහා යොදාගන්නු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්‍ෂණය යටතේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා තුර්යවාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ බොරැල්ල, රාජගිරිය ශ්‍රී සදහම් සෙවණ පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව, බුද්ධශාසන අමාත්‍යංශය සහ අනෙකුත් සියළුම පාර්ශවකරුවන්ගේ සම්බන්ධතාවය ඇතිව බිංගිරියේ දී ජාතික වෙසක් දින සැමරුම - 2018 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය පූර්ණ සහයෝගය ලබාදුන්හ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් නවීන තාක්ෂණය යොදාගනීමින් දිගින් අඩි 142 ක් හා පළලින් අඩි 68 ක් වන එකවර බැතිමතුන් 1000 ක් සඳහා ඉඩ පහසුකම් සැලසිය හැකි මෙම නව ධර්ම ශාලාව ඉදිකිරීමේ අභියෝගය භාරගෙන සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව වෙසක් දින සැමරුමේ දී එය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විවෘත කිරිම ද සිදු කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දිනය (අප්‍රේල් මස 29) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, බෞද්ධාලෝක මාවත, වාළුකාරාමය, කොල්ලුපිටිය සහ ගංගාරාම ජාතික වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කළහ.

යුද්ධ හමුදා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය රට පුරා පිහිටි වෙසක් කලාප සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම වෙසක් කලාප සැරසීම, බැති ගී ප්‍රසංග පැවැත්වීම, දන්සැල් පැවැත්වීම සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලැබීය.

Running Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD