25th May 2018 16:45:39 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ තවත් ප්‍රධාන මෝටර් රථ තරඟාවලියක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2018’ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා අත්වැල් බැදගනිමින් 16 වන වරටත් සාර්ථකව කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී දෙස් විදෙස් තරඟකරුවන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජුනි මස 17 වන දින පැවැත්වීමට නියමිත බැව් සිකුරාදා (25) දින කොළඹ මිරාජ් හෝටලයේ පැවති මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවේදි විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන පැවසුහ.
ඉතාමත් අභියෝගාත්මක හා දිවයිනේ සිටින්නාවු මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් විශාල ප්‍රමාණයක් බලාපොරොත්තුවෙන් සිටින විජයබාහු මෝටර්ක්‍රොස් - 2018 මෝටර් රථ තරඟාවලිය ඓතිහාසික මෙන්ම දර්ශණිය ස්වාභාවික පසුබිමක් ඇති ඇතුගල්පුර, බෝයගනේ ධාවන පථයේදී පවත්වනු ලබන අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ මියගිය හා ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව දැනට සේවයේ නියුතු සියලුම සාමාජිකයින් සහ සිවිල් කාර්යමණ්ඩල සමාජිකයින්ට සුභසාධන පහසුකම් ලබා දීම සඳහා මෙමගින් ඉපැයෙන අරමුදල් වාර්ෂිකව යොදාගනී.
මෙම තරඟාවලිය සෑම අභියෝගාත්මක ඉසව්වන් සඳහා සකස්කරන ලද ධාවන පථයන් මෙන්ම සෑම අංශයක් සඳහාම දැඩි සැලකිල්ලක් දක්වමින් හා ධාවන තරගයේ ගුණාත්මකභාවය මෙන්ම එහි ප්‍රමිතීන් හේතුවෙන් විදේශීය ධාවන පැදි තරගකරුවන්ගේද උනන්දුව සහ උද්යෝගය මෙන්ම ආකර්ෂණය ද හිමිකරගෙන ඇත. මෙම තරඟාවලිය සඳහා ESER මාර්කටින්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, හච් දුරකථන සමාගම, හොන්ඩා සමාගම, අලියා සිසිල්බීම සමාගම සහ ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි.
වයඹ පළාතේ සහ දිවයින පුරා මෙම මෝටර් රථ ධාවන ක්‍රීඩාව ප්‍රචලිත කිරිමේ අරමුණින් විජයබාහු මෝටර්ක්‍රොස් තරඟාවලිය 2000 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවකයින් ගෙන් ඇරඹි අතර 2009 මැයි මාසයට ප්‍රථම ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකල මානුෂීය මෙහෙයුම නිසා රණක්ෂිතයට පත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් අරමුදල් රැස්කරන ලදී.
පසුගිය වසරේ පවත්වන ලද විජයබාහු මෝටර්ක්‍රොස් තරඟාවලිය බොහෝමයක් මෝටර් රථ ධාවන ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශණය දිනාගත් අතර ඒ සඳහා ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දිසානායක, අයිවන් බී. ගුරුසිංහ, සමීර ප්‍රේමරත්න, නිහාල් විජේරත්න, ලහිරු ජීවන්ත, බුද්ධික සිල්වා, ජෑස් ගුණවර්ධන, ගයාන් සඳරුවන් වැනි දේශීය ක්‍රීඩකයින් සහ ඉන්දියාව සහ ජපානය නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩකයින් ද ඇතුළුව 80 කට වැඩි ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගි වුහ. පසුගිය තරඟාවලියන් දෙස බැලීමේදි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංවිධාන ශක්තිය මනාව පෙන්නුම් කරයි. එසේම මෙවර තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරිම සඳහා දායකත්වය ලබාදෙන රෙජිමේන්තු අධිපතිතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ සියළු නිලයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම ම්‍රධ්‍ය හමුව සඳහා එක්විය.
මීට පෙර පැවති තරගවලින් එක්රැස් කරන ලද අරමුදල් මගින් විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින් සඳහා නිවාස ඉදිකරදීම, නිලධාරි සහ සෙසුනිලයින් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ශිෂ්‍යත්ව ප්‍රදානය සහ විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් පරිගණක ප්‍රදානය කිරිම වැනි සුභසාධන කටයුතු සිදුකරන ලද අතර නිලධාරි සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා හැකියාවන් සංවර්ධනය කිරිම සඳහා රෙජිමේන්තු ප්‍රරිශ්‍රයේ ව්‍යායාම් කිරිමේ ක්‍රීඩාගාරයක් සහ ක්‍රීඩාපිටියක් ඉදිකරන ලදී. අද වන විට වයඹ පළාතේ බෝහෝ පාසල් මගින් සිදුකරන්නාවු ඉල්ලීම් මත ද මෙම පහසුකම් ලබාදෙනු ඇත.
මෙම මාධ්‍ය දැනුවත් කිරිමේ සාකච්ඡාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, බුත්තල නිලධාරි ප්‍රගමන සංවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වුහ.
Running sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp