Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2018 15:00:09 Hours

මනෝවිද්‍යා අධ්‍යක්‍ෂ මණ්ඩලය සංගීතය තුලින් භට පිරිස් දැනුවත් කරයි 

‘ගීතය තුලින් ඇය දකිමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මනෝවිද්‍යා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (23) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  

කාන්තාවකගේ ජීවිතය උපතේ සිට මරණය දක්වා කාලය තුල අභියෝගයන් ජයගනිමින් හිමි සම්පත් ප්‍රමාණයෙන් සතුටින් ජීවිතය ගතකරන ආකාරය පිළිබඳව මෙහිදි දැනුවත් කරනු ලැබීය.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේ දේශණ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සම්පත් දායකයින් කිහිපදෙනෙකු සහාය වූ අතර ඒ සඳහා අවශ්‍ය සම්භාව්‍ය සහ මනස සැහැල්ලු කරන සරළ සංගීතය ශ්‍රී ලංකා සංඥා බලකා සංගීත කණ්ඩායම මගින් ලබාදුන්හ.

 

මෙහිදි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා අනුලා ඉන්ද්‍රානි මහත්මිය, කේ.ජී.ජී. රොෂානි ද සිල්වා මහත්මිය, ආර්.එම්.ඒ නිමල්සිරි මහතා සහ රසිකා ජයවීර මහත්මිය විසින් ඉතාමත් හරබර දේශණයන් පැවැත්වු අතර නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 230 ක් මේ සඳහා සහභාගි වුහ.

jordan Sneakers | Air Jordan Release Dates 2020