Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2018 17:37:18 Hours

143 බලසේනාවේ භට පිරිස් විසින් වැව්බැම්මේ හානිය වළක්වාලයි

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැන්දියපොල, අනුමැතියගම වැව් බැම්මේ සිදුවු ජල කාන්දුව නතර කිරිමට හා වැව්බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිමට වාරියපොල ප්‍රදේශයේ ස්ථානගත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් අද (27) දින වැලි කොට්ට අසුරා වැව් බැම්ම තුලින් තවදුරටත් ජලය කාන්දුවීම වැළැක්වීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් 23ක්, 2 වන ශ්‍රී ලංකා සේවා බලකායේ සෙබලුන් 31 ක් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබලුන් 17 ක් සිවිල් වැසියන් සමඟ එක්ව ඉරිදා (27) දින ජාවා ඇළ දෙපස වැලි කොට්ට අතුරන ලදි.

ජාඇළ නගරයේ පිහිටි මෙම ඇළ පිටාර ගැලීම හේතුවෙන් යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් එක්ව ඉතා ඉක්මනින් එම ස්ථානයට පැමිණ වැව් දිගේ වැලි කොට්ට අතුරමින් පහත්බිම්කරා ජලය ගලා යාම වැළැක්වූහ.

jordan release date | Releases Nike Shoes