25th May 2018 16:44:39 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් සිය 38 වන සංවත්සර සැමරුම් උත්සවය එම ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් භාතිය ජයවීරගේ උපදෙස් පරිදි විශේෂ ආගමික වතාවත් ඇතුලු වැඩසටහන් මාලාවක් සමඟින් සෙනසුරාදා (26) දින අරඹන ලදී.
මෙම සංවත්සර වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් භට පිරිස් වෙත ආශිර්වාද පතා පුජනීය සෝමාවතී විහාරස්ථානයේ දී බෝධිපුජා පිංකමක් සහ ගිලන්පස පුජාවක් පැවැත්වූහ.
සංවත්සර දින (26) ඒකක අණදෙන නිලධාරි වෙත සංඥා බලකා සෙබළුන් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.
අනතුරුව, අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව ඒකක අණදෙන නිලධාරිතුමන් විසින් විවෘත කරන ලද අතර 2017 වර්ෂයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් කරන ලද සේවාව අගයනු වස් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.
එදින අවසන් අංගය ලෙස කටාන, බොල්ලේගල ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ගේ නිවාසයේ (Home for Tri- Service Veterans) වෙසෙන රණවිරු ප්‍රවිණයන් 22 දෙනෙකු සඳහා විශේෂ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදුන් අතර කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීත නාදයන්ගෙන් එම අවස්ථාව තවත් වර්ණවත් විය. එමෙන්ම ඔවුන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් තෑගි පාර්සල් හා සේවය අගයමින් තිළිණයන් ද පිරිනැමූහ.
affiliate link trace | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News