Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2018 17:00:09 Hours

කිලිනොච්චි 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ආනන්දපුරම් ශාන්ත තේරේසා රෝමානු කතෝලික දේවස්ථානය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 574 බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමිව මැයි මස 16, 17 සහ 19 යන දිනයන්හිදී ආනන්දපුරම්, ශාන්ත තේරේසා රෝමානු කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.

60 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පැරණි දේවස්ථාන ගොඩනැගිල්ල අවට කසළ ඉවත් කිරීම හා ස්මාරකය පිරිසිදු කිරීම මෙන්ම දේවස්ථාන පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළ අතර සිවිල් වැසියන් ද ඒ සඳහා සහභාගි වූහ.

Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ