Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 16:10:58 Hours

නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිස යාපනයට

මෙරට සංචාරයක නිරත කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිස යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් හා අන්නෝන්‍ය අදහස් හුවමාරු කරගැනීමට 2018 මැයි මස 22 – 23 යන දිනයන් හිදී නියමිත වු අතර එහි සංචාරය කිරීමට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින නයිජිරියා හමුදා දුත පිරිස, යුද්ධ හමුදාධිපති වෙනුවට යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ කාන්තා බලකා සෙබළියන් හමුවී අදහස් හුවමාරු කරගැනීම සඳහා කොළඹින් පිටත්විය.

නයිජීරීයානු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් ජෙනරාල් පී.බී. ෆ‍ෙක්‍රෝප (Brigadier General P. B Fakrogha), කර්නල් ජේ.ඕ අරේ (Colonel J.O Are), මේජර් එන්.එච් ලොන්ග්පෝ (Major N.H Longpoe)  සහ මේජර් ජේ. ටී ඇන්චා (Major J.T Ancha) 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණිය හමුවු අතර එහිදී කාන්තා බලඇණියක පරිපාලන ව්‍යුහය, කාර්යභාරය සහ කාන්තා නිලධාරිණියන් හා සෙබළියන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ක්‍රියාත්මක සිවිල් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා දක්වනු ලබන දායකත්වය පිළිබඳව දැනුම හුවමාරු කරගන්නා ලදී.

jordan Sneakers | Sneaker & Lifestyle News