Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 14:56:41 Hours

‘තල් අරඹේ කෞශල්‍යය - 2018’ සඳහා විශාල ජන සහභාගීත්වයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක හා නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන වාර්ෂික නවෝත්පාදන ප්‍රදර්ශණය එනම් ‘තල් අරඹේ කෞෂල්‍යය - 2018’ ප්‍රදර්ශණය මැයි මස 10 සහ 10 යන දෙදින තුල යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ ආශීර්වාදයෙන් මත තෙවන වරටත් සාර්ථකව පවත්වන ලද මෙම ප්‍රදර්ශණය යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලද නවෝත්පාදන උපකරණ රැසකින් සමන්විත වු අතර එය නැරඹීම සඳහා යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල වශයෙන් එක්වුහ.

මෙම නවෝත්පාදනයන් ඉගෙනීමෙන් හා නිර්මාණාත්මක චින්තනයන් ඒකාබද්ධව සිදුකරන ලද අතර මෙහිදී හොඳම නිර්මාණ ඉදිරිපත් කරන ලද යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකු තෝරා ගත් අතර ඔවුන් ඇගයීමට ලක් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති තුමා විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙහිදි, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.ජි.ටි. පුෂ්පකුමාර, 14 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල් ඩි.පි.ඩබ්ලිව් දිසානායක සහ 552 වන බලසේනා මූලස්ථානයේ කෝප්‍රල් ජේ.පි.එස්.ඩි ද සිල්වා හොඳම නවෝත්පාදනයන් සඳහා ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් දිනාගන්නා ලදී.

දෙදිනක් පුරාවට පැවති මෙම ප්‍රදර්ශණය නැරඹීම සඳහා ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරින්, ගුරුභවතුන්, දෙමාපියන්, පාසල් සිසුන් සහ හමුදා සාමාජිකයින් රැසක් පැමිණි සිටියහ.

Running sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger