Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 16:04:58 Hours

16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ආපදාවට ලක්වූ ගැබිණි මාතාවක් මුදාගනී

වර්ෂාපතනය හේතුවෙන් අධික ජලගැලීමට ලක්වූ මාරවිල, තොඩුවැව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව මූදාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරත 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් බ්‍රහස්පතින්දා (24) දින සන්ධ්‍යාවේ ජලගැලීම් සිදුවු ප්‍රදේශයේ අවතැන්ව සිටි ගැබිණි කාන්තාවක් මුදාගැනීමට සමත් විය.

මෙම ගැබිණි කාන්තාව ගංවතුර තත්ත්වය වැඩිවීමත් සමඟම නිවසින් බැහැරවීමට නොහැකිව ගම්වාසින්ගේ ද අනුදැනුමකින් තොරව නිවසෙහි අවතැන්ව සිටි අතර යුද්ධ හමුදා භට පිරිස් වෙත ලද තොරතුරකට අනුව දුෂ්කරතා මධ්‍යයේ එම ප්‍රදේශය සෝදිසි කිරීමෙන් අනතුරුව නිවසේ අවතැන්ව සිටි ගැබිණි කාන්තාව මුදාගැනීමට කටයුතු කරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් එම ගැබිණි කාන්තාව වෛද්‍ය නිලධාරින්ගේ ද උපදෙස් මත කඩිනමින් යුද්ධ හමුදා ට්‍රක් රථයක් ආධාරයෙන් මාරවිල රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුලක් කරන ලදී.

jordan Sneakers | Sneakers