Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2018 20:13:48 Hours

යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකු මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව හදාරයි

මින්නේරිය, සටන් පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබු යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලා අංක - 51 හි සමාප්ති උත්සවය බදාදා (23) දින එම පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා නිලධාරින් 11 ක් සහ සෙසුනිලයින් 46 ක් මාර්තු මස 19 දින සිට මැයි මස 23 දින දක්වා පුරා මාස 2 කට ආසන්න කාලයක් යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලා අංක - 51 සාර්ථකව හදාරණු ලැබු අතර සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහභාගි විය.

මෙම සමාප්ති උත්සවය සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධාය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

Mysneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%