Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2018 21:55:16 Hours

සටන් පුහුණු පාසලේ 38 වන සංවත්සරය සැමරේ

අම්පාර සටහන් පුහුණු පාසලේ අභිමානවත් 38 වන සංවත්සරයට සමගාමීව හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සඳුදා (21) දින පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ දී, සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ධර්මසිරි කහපොළ වෙත හමුදා සම්ප්‍රදායානකුල කඳවුරු සම්මාන මුරයක් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව, භට පිරිස් අමතමින් එතුමන් සටහන් පුහුණු පාසලේ ප්‍රගතිය පිළිබඳ අවධාරණය කළහ.

සංවත්සර උත්සවය අවසන් කරමින් සටන් පුහුණු පාසලේ සියලු නිලයින් සමඟ දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

Best Sneakers | UOMO, SCARPE