19th May 2018 19:05:45 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් ‘අන්තරායකර ඖෂධ භාවිතය හා වලක්වා ගැනීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (14) දින කල්‍යානිපුර, බළඇණි පුහුණු පාසලේ දී සංවිධානය කරනු ලැබීය.
මෙම වැඩසටහනේ දේශන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපනික හා තොරතුරු නිලධාරි චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා සහ මනෝවිද්‍යා උපදේශක ඉරේෂා ඉන්ද්‍රිවරි මහත්මිය විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩසටහනේ දී අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය පරිහානියට පත්වන ආකාරය පිළිබඳ දැනුවත් කළහ.
මෙම වැඩසටහන සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 සහ 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ එම සේනාංක මූලස්ථානය යටතේ පාලනය වන සියළු ස්ථානය නියෝජනය කරමින් නිලධාරින් 36 ක් සහ සෙසුනිලයින් 504 දෙනෙකු සහභාගි වූහ.
Buy Kicks | Air Jordan 1 Retro High OG University Blue - Gov