Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2018 18:14:45 Hours

අන්තර් සේනාංක එල්ලේ තරඟාවලියේ ශුරතාවය 56 වන සේනාංකයට

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂිකව අන්තර් සේනාංක එල්ලේ තරඟාවලිය මැයි මස 8 දින සිට 10 දින දක්වා සම්පත් නුවර, මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා 62 වන සේනාංකය සහ 56 වන සේනාංකය තරඟ වැදුණු අතර තියුණු තරඟයකින් අනතුරුව, තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනිමට 56 වන සේනාංකයේ ක්‍රීඩකයින් සමත් විය. තරඟාවලිය අවසානයේ ජයග්‍රහකයින් හට කුසලාන ප්‍රදානය කිරීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී. රණසිංහ සහභාගි විය.

Sneakers Store | balerínky