19th May 2018 17:15:20 Hours
2016 මැයි මස 10 වන දින ආරම්භ කල සාලියවැව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (10) දින වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
ඒ අනුව, සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලවන් හදාරණ යුද්ධ හමුදා සාමාජිකයින්ට ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් මෙන්ම කඹ ඇඳීමේ තරඟාවලියක් පවත්වා ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදාන කළහ. අනතුරුව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි. තවද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වූ අතර සැමරුම් උත්සව මාලාව අවසන් කරමින් සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා ද සියලු නිලයින් එක්විය.
යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්. කුමාරප්පේරුම ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සව වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලැබීය.
best shoes | NIKE