Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2018 13:45:25 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී තවත් ආධාරක අවි පාඨමාලාවන් දෙකක් ඇරඹේ

යුද්ධ හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මඟපෙන්වීම මත මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා ගේ උපදෙස් මත එම පුහුණු මධ්‍යස්ථානය විසින් ඛණ්ඩ ආධාරක අවි පාඨමාලාවක් සහ බළඇණි ආධාරක අවි පාඨමාලාවක් මැයි මස 7 සහ 8 දිනයන්හිදි ආරම්භ කරනු ලැබීය.

ඛණ්ඩ ආධාරක අවි පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 55 ක් සහ බළඇණි ආධාරක අවි පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 ක් උපදේශකයින්ගේ අධීක්ෂණය යටතේ පුහුණු පාඨමාලාවන් සාර්ථකව හැදෑරිමට නියමිතය.

මෙම පාඨමාලාවන්හි සමාරම්භක උත්සවයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ටී.එස් බන්සජයා සහභාගි වූ අතර මෙම පාඨමාලාවේ ඇති වෘත්තීමය වැදගත්කම අවධාරණය කරමින් පාඨමාලාව සාර්ථකව හදාරන මෙන් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සුභ පැතුම් ද එක් කළහ.

මෙම පාඨමාලා සමාරම්භක උත්සව සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ උපදේශකවරුන් සහභාගි විය.

Nike air jordan Sneakers | Nike