18th May 2018 15:15:45 Hours
ඕස්ට්‍රේලියානු ජාතික තක්සේරු කාර්යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු වන මහචාර්ය පොල් චේම්බර්ස් (Dr Paul Chambers) සහ අෂ් කාන් මහතා (Mr Ash Khan) සමඟින් ඕස්ට්‍රේලියානු විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවේ මහචාර්ය මිචෙල් ෆෝස්ටර් (Dr Michel Forster) උතුරේ සිදුකල සංචාරයක් අතරතුර සිකුරාදා (18) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් හමුවිය.
මෙම සුහද හමුවේ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආච්චි, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය, ආරක්‍ෂක තත්ත්වය, ඉඩම් නිදහස් කිරීම් සහ සමාජ ආර්ථික ගැටළු පිළිබඳ සංචාරක නියෝජිත පිරිස දැනුවත් කළහ.
Best Sneakers | adidas