19th May 2018 15:15:16 Hours
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු ‘අන්තරදායක ඖෂධ භාවිතය වලක්වා ගැනීම හා පාලනය කිරීම’ පිළිබඳ වැඩසටහනක් අඟහරුවාදා (15) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකාවේ භාවිතා කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙන්ම ඒවා භාවිතය තුලින් සමාජ, ආර්ථික හා සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත්වන ආකාරය පිළිබඳ දැනුවත් කළහ. මෙම වැඩසටහනේ දේශන අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපනික හා තොරතුරු නිලධාරි චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා සහ මනෝවිද්‍යා උපදේශක ඉරේෂා ඉන්ද්‍රිවරි මහත්මිය විසින් මෙහෙයවන ලදී.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත පැවැති කාලීන වශයෙන් වැදගත් වන මෙම වැඩසටහන සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන සියළු ස්ථානය නියෝජනය කරමින් නිලධාරින් 18 ක් සහ සෙසුනිලයින් 310 දෙනෙකු සහභාගි වූහ.
එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ.
Sports Shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News