19th May 2018 18:33:50 Hours
අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් සිකුරාදා (18) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පවත්වනු ලැබීය.
මෙම සිසිල් පැන් දන්සල 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ එම භට පිරිස් විසින් 2009 වර්ෂයේ මැයි මස දක්වා පැවැති අවසන් මානුෂිය මෙහෙයුමේ දි මියගිය රණවිරුවන්ට පිං පිණිස හා ඔවුන් සමරනු වස් සංවිධානය කරන ලද අතර ප්‍රදේශයේ විවිධ සැමරුම් උත්සව සඳහා පැමිණ සිටි ජනතාවට ද සිසිල් පැන් දන්සල භූක්තිවිදීමට අවස්ථව සළසා දෙන ලදි.
මීට අමතරව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත 552 වන බලසේනාවට අයත් 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වෙල්ලමුලිවයික්කාල් සහ අනෙකුත් ප්‍රදේශයන්හිදි පැවැති විවිධ සැමරුම් උත්සවයන්ට සහභාගිවී නැවත යාපනය ප්‍රදේශය බලා වාහනවලින් ගමන් කරමින් සිටි සිවිල් වැසියන් හට අයියකච්චි ප්‍රදේශයේ දී කිරි බීම දන්සලක් සිකුරාදා (18) දින සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන 552 වන බලසේනාවේ සේවයේ නියුතු සියළු නිලයින්ගේ සහයෝගය ඇතිව රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට පිං පිණිස හා ඔවුන් සමරනු වස් සංවිධානය කරනු ලැබීය.
Nike shoes | Nike, adidas, Converse & More