18th May 2018 13:58:16 Hours
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයේ දී බදාදා (16) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති හමුවිය.
සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන්, ගාලු කොටුවේ දී 58 වන සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබීය.
58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංක මූලස්ථානයේ වගකීම් හා කාර්යභාර්ය මෙන්ම භට පිරිස් විසින් ප්‍රදේශයේ ක්‍රියාවට නංවා ඇති අඛණ්ඩ සංවර්ධනය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් පිළිබඳ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් දැනුවත් කරන ලදී.
මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
Nike sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ