Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2018 10:59:00 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් කිහිපයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු භට පිරිස් සහ 652 බලසේනාවේ භට පිරිස් මෙන්ම 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම බලප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලැබු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සහ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතින් කිහිපයක් සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.

ඒ අනුව, 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කාරියලනගපඩ්ඩුවාන් පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය. එමෙන්ම, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ම/ආරෝග්‍යපුරම් ප්‍රථමික දමිළ විද්‍යාලයේ ගොඩනැගිලි සහ අවට ප්‍රදේශය පිරිසිදු කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පීරිස් ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලදී.

මීට අමතරව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කන්දවාලි ග්‍රාමීය රෝහල සහ එම පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

එමෙන්ම, භට පිරිස් හට මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ලැබීණි.

best shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%