14th May 2018 11:18:51 Hours
643 වන බලසේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී තවත් පුහුණු වැඩසටහනක් ලෙස ‘කැරලි මර්ධනය’ පිළිබඳ පුහුණුවක් වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 643 වන බලසේනාවට අයත් නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 86 ක් සහභාගි වූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්වීම යටතේ පැවති එම පුහුණු පාඨමාලාව 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ සහභාගීත්වයෙන් සඳුදා (07) දින උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ විය.
පුහුණු වැඩසටහන අතරතුර දි කැරලි මර්දන ක්‍රමවේදයන්, පාලනය කිරීම්, සිවිල් නීතිය, සරඹ, අභියෝග සහ නීතිමය පසුබිම ආදිය පිළිබඳ භට පිරිස් දැනුවත් කරනු ලැබීය. 64 වන සෙනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් ආරම්භක දේශනය සිදුකරමින් මෙවැනි පාඪමාලාවන් පැවැත්වීමේ ඇති වැදගත්කම පිළිබඳව කරුණු කිහිපයක් ප්‍රකාශ කරන ලදී.
affiliate link trace | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!