19th May 2018 21:58:16 Hours
ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් වැනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමේදී මිය ගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණක් වන්නේ පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙළඹවීම්, අනුබලදීම් නොකළ යුතු බැව් මැයි 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.
යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද සම්පුර්ණ පණිවිඩය පහත සඳහන් පරිදි වේ;
මාතෘභූමිය රැකගත් රණවිරුවන්ට ප්‍රණාමය
වර්ෂ 1983 දී ඉතා කුඩා කණ්ඩායමක් ලෙස බිහිවු එල්ටිටිඊ සංවිධානය වර්ෂ 2009 වන විට ලොව දරුණුතම ත්‍රස්තාවාදී සංවිධානයක් ලෙස වර්ධනය වී තිබුණි. පාබල වෙඩි බලය, නාවික බලය සහ යම් ප්‍රමාණයක ගුවන් බලයකින් ද සමන්විත වු එල්ටිටිඊ සංවිධානය, මරාගෙන මැරෙන සංකල්පය ලොවට හඳුන්වාදුන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය.
ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ඩයස්පෝරාවේද සහය ඇතිව ත්‍රස්තවාදී ක්‍රියාදාමයකට දැඩිව අවතීර්ණව සිටි මෙම එල්ටිටිඊ සංවිධානය පරාජය කරමින්, මිනිස් පළිහක් ලෙස භාවිත කළ ලක්‍ෂ සංඛ්‍යාත වු අහිංසක දමිළ වැසියන් ඉන් මුදවාගැනීමට යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි අප්‍රතිහත කැපවීම, ධෛර්යය සහ මනා සැලසුම් සහගතභාවය හේතුකොටගෙන හැකියාව ලැබුණි. ඒ අනුව ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබු අන්තිම බිම් අඟලත් වර්ෂ 2009 මැයි මස 19 වන දින මුදවාගැනීමත් සමගම ත්‍රස්තවාදය ලංකාද්වීපයෙන්ම මුලිනුපුටා දමනු ලැබීය. මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේද අනුපමේය වු දායකත්වය හිමි වු බව මෙහිදී සිහිපත් කළ යුතුමය.
සියලු ලක්වාසීන් වර්තමානයේ භුක්තිවිදින නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 23962 ක් ද, නාවික හමුදාවේ 1160 ක් ද, ගුවන් හමුදාවේ 443 ක් ද වශයෙන් වු ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර භටපිරිස් විශාල ප්‍රමාණයක් පමණක් නොව, ශ්‍රී ලංකා පොලීසියේ 2568 ක පිරිසක් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ 456 සාමාජිකයන් පිරිසක් ද අප මාතෘ භුමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇත. ඔවුන් සියලුදෙනා අපගේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ හෙට දවස කැපකරනු ලැබුයේ ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය සුරක්‍ෂිත කිරිම සඳහාය. එමෙන්ම වසර 30 ක් පුරා පැවති කුරිරු ත්‍රස්තාවාදය නිසාවෙන් පීඩාවට ලක්වු ලක්වැසි ජනතාව විසින් ලබාදුන් සුවිශාල දායකත්වය හා කැපකිරිම මෙහිදී සිහිපත් කිරිමට කැමැත්තෙමි. එපමණක් නොව දේශපාලන නායකත්වයන් විසින් ඔවුන්ගේ වගකීම නිසි අයුරින් කාලානුරූපීව ඉටුකිරීම තුළින් අද දින ලක්වැසි සැමට නිදහසේ ජීවත්වීමට හැකියාව ලැබී ඇත.
ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දෙඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් වැනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමේදී මිය ගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණක් වන්නේ පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙළඹවීම්, අනුබලදීම් නොකළ යුතු බවත්ය.
යුද්ධ හමුදාව, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විශේෂිත වු වැඩපිළිවෙලක් සකස් කොට ඇත. ඒ අනුව සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම මා විසින් නිකුත් කරන ලද විශේෂ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරන අතර, මිය ගිය සියලුම රණවිරුවන් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරනු ඇත. තවද, අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 19 වන දින ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවය සහ එදිනම ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී පැවැත්වෙන ආලෝක පුජාවටද යුද්ධ හමුදාව සක්‍රීයවම දායකත්වය ලබාදෙනු ලබයි.
පුරා තිස් වසරක් මුළුල්ලේ අප සියලුදෙනාගේම අනාගතය නිර්මාණය කරනු පිණිස අභීත රණවිරුවෝ රැසක් සිය වටිනා ජිවිත, දහදිය මහන්සිය පුජා කරන ලදී. ඔවුන් විසින් එදා සිය අවසන් හුස්ම පොද හිස් වා තලයට මුදා හරින ලද්දේ මේ දිවයිනේ සදාතනික සාමය හා සංහිදියාව සුරැකේවායි ප්‍රාර්ථනා කරමින්ය. නැවත නැවතත්, උපදින කිසිදු ආත්මයකත් ඔවුහු කිසිවිටෙක යළිත් යුද්ධයක්නම් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවන්නට ඇත. එබැවින් අප විසින් සිදුකළ යුත්තේ ඔවුන් එදා බලාපොරොත්තු වු ආකාරයෙන් කිසිදා යළිත් මෙරට තුළ යුද්ධයක් ඇතිවීම සඳහා ඉඩහසර ඇති නොවන අයුරින් බුද්ධිමත්ව කටයුතු කිරිමයි. දිනාගත් නිදහස එලෙසින්ම අනාගත පරපුර උදෙසාද රැගෙන යාමට කැපවීමෙන් යුතුව ක්‍රියා කිරීමයි.
රටේ ඒකීයත්වයත්, සාමාන්‍ය ජනතාවගේ ජිවිතවල හෙට දවසත් සුරක්‍ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේදී ජිවිත පුජාකළ සියලුම වීරෝධාර රණවිරුවන්ට මා මේ මොහොතේදී නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, ආබාධීත තත්වයට පත්ව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද හදවතින්ම ප්‍රාර්ථනා කරමි. එපමණක්ද නොව, අභීත රණවිරුවන් වශයෙන් අප යුද්ධ හමුදා සාමාජිකයින් සටන්බිමෙහි පෙරමුණ ගන්නාවිට නිවසේ සිට ඔවුන්ගේ සිතට ගතට නිබඳ සවියක්, ශක්තියක් වු රණවිරු බිරින්දෑවරුන්, රණවිරු දුවාදරුවන් හා ඔවුන්ගේ ආදරණීය දෙමාපියන්, ඥාති හිතමිත්‍රාදීන්, අසල්වාසීන් ඇතුළු සියලුමදෙනාගේ කිසිදා මිලකළ නොහැකි අප්‍රතිහත කැපකිරීමද මම මේ මොහොතේ කෘතඥතාපූර්වක හදවතින් යුතුව සිහිපත් කරමි.(නිමාව)
affiliate tracking url | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD