14th May 2018 11:18:41 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන එල්ලේ ශුරතා අවසන් තරඟය අප්‍රේල් මස 5 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
512 වන බලසේනාව විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 45 ක් සහභාගි වූ අතර, අවසන් වටය සඳහා තේරී පත් වූ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 23 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම අතුරින් 23 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම ශුරතාවය දිනාගනු ලැබීය.
භට පිරිස් අතර ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමට සහ සහයෝගිතාවය වර්ධනය කිරීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්විම යටතේ මෙම තරඟාවලිය සංවිධානය කළහ.
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ජයග්‍රහක කණ්ඩායම වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය ද එතුමන් විසින් සිදු කරනු ලැබීය.
55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Asics footwear | Nike Shoes, Sneakers & Accessories