Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2018 11:17:41 Hours

භටකාර්ය සම්පාදන විද්‍යාලය සිය 7 වන සංවත්සරය සමරයි

යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ඩි වන්නිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම විද්‍යාලය විශේෂ ආගමික වතාවත් ඇතුලත් වැඩසටහන් මාලාවක් සමඟින් සිය 7 වන සංවත්සරය සමරන ලදි.

යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාල කෝවිල් පරිශ්‍රයේ පැවති විශේෂ පූජා උත්සවයත් සමඟින් සංවත්සර වැඩසටහන ආරම්භ වූ අතර, ආශිර්වාද පතා විශේෂ යාඥාවක් නාච්චිකුඩා සහාරියා ජුම්මා මස්ජිත් පල්ලියේදීත්, මැයි මස 7 වන දින චීන වරාය, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී විශේෂ දේවමෙහෙයක් ද පවත්වනු ලැබීය.

එසේම එම විද්‍යාල පරිශ්‍රයේ දී අඟහරුවාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයට සහ යුද්ධ හමුදාවට සෙත් පතා විශේෂ බෝධිපූජා පිංකමක් ද පැවැත්විය.

සංවත්සර දිනයේ ( මැයි 09) හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ භට පිරිස් විසින් එහි සේනාවිධායක වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, සංවත්සරය වෙනුවෙන් පැළයක් රෝපණය කිරීම, භට පිරිස් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහය සහ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්විම ද සිදු කෙරිණි.

නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සාමාජිකයින්, නිත්‍ය කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy footwear | Nike Air Max 270