14th May 2018 11:19:41 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 62 වන සංවත්සරය අභිමානවත් අයුරින් මැයි මස 09 වන දින අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල විසින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව, සරඹ භූමියේ දී රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමූඅතර ඊට ප්‍රථම ආචාර පෙළපාලි අණදෙන්නා විසින් සම්මාන ආචාර පෙළපාලිය පරීක්‍ෂා කිරීම සඳහා එතුමන්ව කැටුව යන ලදි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරනු ලැබීය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 62 වන සංවත්සරය සමරමින් රෙජිමේන්තු අධිපතිතුමන් විසින් භට පිරිස් ඇමතු අතර සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදි. තවද, රෙජිමේන්තු අධිපති තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් සමඟින් දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එක්විය.
bridgemedia | Nike Air Max