Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2018 11:20:38 Hours

ජෙනරාල් බිෆින් රාවට්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් හමුවේ

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), සඳුදා (14) දින සන්ධ්‍යාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සහ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර ද්විපාර්ශ්වීක වශයෙන් වැදගත්කමකින් යුතු ආරක්‍ෂක සබඳතා පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර් රණවක ද මෙම සාකච්ඡාවට සහභාගි විය.

bridgemedia | Nike