Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:29:21 Hours

යුද්ධ හමුදා කැනොයින් / කායකින් ක්‍රිඩකයින් කැනොයින් / කායකින් ජාතික තරඟාවලියේ දස්කම් දක්වයි

ශ්‍රී ලංකා කැනොයින් / කායකින් ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික කැනොයින් / කායකින් තරඟාවලිය - 2018 අප්‍රේල් මස 24 වන දින දියවන්නා ඔය අසලදී පවත්වන ලද අතර එහි දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් රිදී පදක්කම දිනාගන්නා ලදී.

මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, සිවිල් සංවිධාන සහ පාසල් නියෝජනය කරමින් තරගකරුවන් රැසක් සහභාගි වුහ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ එස්.ඒ.ඒ.ඩබ්ලිව් සමන්ත Cl විවෘත 200m, Cl විවෘත 500m, Cl විවෘත1000m සහ K 1 23 පහල 1000m යන තරග ඉසව්වල දෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.වයි.එච් කුලතුංග Cl විවෘත 200m ඉසව්වේ තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ එස්.ඒ.ඒ.ඩබ්ලිව් සමන්ත K1 23 පහල 200m, K1 23 පහල 500m, Cl 23 පහල 200m, Cl 23 පහල 500m සහ Cl 23 පහල 1000m යන තරග ඉසව්වල තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ එස්.ඒ.ඒ.ඩබ්ලිව් සමන්ත සහ 18 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එල්.කේ.ඩි.යු කුමාර විවෘත 1(2 200m) යන තරග ඉසව්වේ තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

23 වන ගැමුණු හේවා බලඇණියේ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඩි.එල්.එන් චන්ද්‍රසේන සහ 18 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එල්.කේ.ඩි.යු කුමාර K1 විවෘත 500m සහ K2 විවෘත 100m යන තරග ඉසව්වල තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

 

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් ඊ.එම් මධුෂාන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එස්.එන්.එස් සිල්වා, 1 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එච්.ආර් ගුණසේන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.වයි.එච් කුලතුංග විවෘත 1(4 500m) සහ විවෘත 1(4 1000m) යන තරග ඉසව්වලින් තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී. කැනොයින් ක්‍රීඩාව විනෝදාස්වාදය ලබාදෙන ක්‍රීඩාවක් වන අතර හබල උපයෝගි කරගනිමින් සිදුකරන ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේදි එම ක්‍රීඩකයින් වාඩි වී දණහිස් නවා දිගහරිමින් විවෘත හා සංවෘතව ක්‍රීඩා කරයි.

කායකින් ක්‍රීඩාව බෝට්ටු උපයෝගි කර ජලය හරහා ගමන් කරන ක්‍රිඩාවක් වන අතර මෙම ක්‍රීඩාව කැනොයින් ක්‍රීඩාවෙන් වෙනස් වන්නේ ක්‍රීඩකයින් වාඩි වන ආකාරය සහ යොදා ගන්නා හබල් සංඛ්‍යාව මතය.

spy offers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov