Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:28:40 Hours

66 වන සේනාංකය ලෝක රතු කුරුස දිනයට සමඟාමිව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරයි

66 වන සේනාංකය යටතේ ස්ථාපිත 661 වන බලසේනාංකයේ භට පිරිස් විසින් ලෝක රතු කුරුස දිනයට සමඟාමිව අඟහරුවාදා (8) දින ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ කොස් පැල බෙදාදීමක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිලිනොච්චි ශාඛාවේ සම්බන්ධිකරණයෙන් හා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් පරිදි 15 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පුනරින් රෝහල අවට සහ පුනරින් නගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රමදාන ව්‍යාපාරය ක්‍රියාත්මක කරන ලද අතර යුද්ධ හමුදා භට පිරිස් විසින් ස්වේච්ඡාවෙන්ම ඒ සඳහා දායක වුහ. එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් ලබාදුන් සහයෝගය පිළිබඳ පුනරින් රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසින් ඇගයීමට ලක්කලහ.

එමෙන්ම මෙම අවස්ථාවේදි රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත රටක්’ ව්‍යාපෘතියට සහාය දක්වමින් සිවිල් වැසියන් 120 දෙනෙකු වෙත කොස් පැළ 250 ක් ද බෙදා දෙනු ලැබීය.

bridgemedia | Autres