Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:06:09 Hours

යාපනය සිසුන් වෙත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහාය

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිදු කරනු ලබන තවත් සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ගුරු මණ්ඩලයේ උපදෙස් අනුව යාපන අර්ධද්විපයේ තෝරාගත් දිළිදු පවුල් කිහිපයක පාසල් සිසුන් සඳහා පාපැදි තොගයක්, ශිෂ්‍යත්ව සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව දානපති ඒ. සේල්වා මහතා විසින් පා පැදි 11 ක්, රුපියල් 20,000/= ක සහ රුපියල් 15,000/= ක මුදල් ත්‍යාග දෙකක් මෙන්ම සිසුන් 15 දෙනෙකු වෙත මසකට රුපියල් 1,500/= ක් වටිනා ශිෂ්‍යත්ව 15 ක් ලබාදෙනු ලැබීය. තවද පළමු අදියර යටතේ වසරක කාලයක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලැබේ.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ ඉරිදා (06) දින පැවති මෙම උත්සවයේ දී ඒ. සේල්වා මහතා සහ මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් සිසුන් වෙත එම පරිත්‍යාගයන් පිරිනමනු ලැබූ අතර, නිලධාරින්, ආරාධිතයින්, ගුරුවරුන්, සෙසු නිලයින්, සිසුන්ගේ දෙමාපියන් සහ සුභපතන්නන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Best Sneakers | Nike SB