Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2018 21:55:23 Hours

ඉස්ලාමීය අධ්‍යාත්මික සංවිධානයක් විසින් ත්‍රිවිධ හමුදා ආබාධිත රණවිරුවන්ට සහ සිවිල් වැසියන්ට රෝදපුටු පරිත්‍යාග කරයි

සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ එම්.සී.ඒ. හමීඩ් හාජියාර් ට්‍රස්ට් (M. C. A Hameed Hajiyar Trust) ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

එම්.සී.ඒ. හමීඩ් හාජියාර් අරමුදලේ සභාපති එම්.සී.ඒ. හමීඩ් හාජියාර් මහතාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ප්‍රධාන පෙලේ ආගමික ප්‍රජාවන් සහ ඉස්ලාමිය බැතිමතුන් අතර පවත්නා සහයෝගිතාවය පිළිබීඹු කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ දී රුපියල් මිලියන 1.5 ක පමණ වටිනාකමින් යුතු නවීන රෝද පුටු තොගය බෙදාදෙනු ලැබීණි.

වර්ෂ 2016 දී ආරම්භ කරන ලද මෙම පරිත්‍යාග වැඩසටහනේ පස්වන අදියර වන මෙම උත්සවයේ දී දිවයින පුරා යුද්ධ හමුදා, පොලිස් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසින් සිදුකරනු ලබන තේරීම් ක්‍රියාවලියකින් විශේෂ අවධානයට ලක්වූ ආබාධිත යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ළමුන් සහ වැඩිහිටි සිවිල් වැසියන් සඳහා රෝදපුටු ප්‍රදානය කළහ.

අධ්‍යාත්මික මධ්‍යස්ථානයේ එම්.සී.ඒ. හමීඩ් හාජියාර් අරමුදල, ඔවුන්ගේ ශුද්ධ විශ්වාසය කෙරෙහි අවධානය යොමු කරමින් සුල්තානුුල් අරිෆීන්, සෛයිහුල් මුෆ්ලිහීන් එම්.එස්.එම්. අබ්දුල්ලා (රහ්) විසින් සෑම වසරකම ජූලි මස 23 දින සිට 25 දින දක්වා වියළි ආහාර බෙදාදෙනු ලබයි. මෙම අධ්‍යාත්මික මධ්‍යස්ථාන මූලස්ථානය ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරයම්පති ප්‍රදේශයේ පිහිටා ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය වනුයේ, සර්වබලධාරි ආශීර්වාදය සහ මගපෙන්වීම තුලින් සෑම කෙනෙකුටම සාමය හා ශාන්තිය ලබාගැනීම සඳහා අවශ්‍ය සදාතනික සත්‍යතාව පිළිබඳ මනුෂ්‍ය වර්ගයා දැනුවත් කිරීමයි.

මෙම උත්සවය සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල, නීති සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Running Sneakers Store | Air Jordan