Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2018 21:58:23 Hours

පෝලන්ත ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ඉන්දියාවේ ස්ථාපිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති පෝලන්ත ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ආරක්‍ෂක උපදේශක කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් (Colonel Slawomir Koltun) බදාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

කර්නල් ස්ලැවොමිර් කොල්ටුන්, ආරක්‍ෂක උපදේශක ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ සිය ධූර කාලය අවසන්විමෙන් අනතුරුව නුඳුරේදී පෝලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම සුහද හමුවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් අතර ද්විපාර්ශ්වීක ආරක්‍ෂක හමුදා සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කළ අතර,සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

Best Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival