Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2018 19:32:49 Hours

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ගෝල්ෆ් තරඟාවලියේ දී යුද්ධ හමුදා ගෝල්ෆ් ක්‍රීඩක ක්‍රීඩාකාවන් දස්කම් දක්වයි

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ගෝල්ෆ් තරඟාවලිය මැයි මස 7 සහ 8 දිනයන් තුල නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාපිටියේ දී පැවැති අතර යුද්ධ හමුදා කාන්තා සහ පිරිමි ගෝල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිළිවෙලින් ශුරතාවය සහ අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම තරඟාවලිය යුද්ධ හමුදා ගෝල්ෆ් කමිටුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලැබීය.

යුද්ධ හමුදා ගෝල්ෆ් ක්‍රීඩා කමිටුවේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහ මේජර් ජෙනරාල් ජගත් වීරවර්ධන යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය සඳහා සහභාගි විය.

යුද්ධ හමුදා කාන්තා ගෝල්ෆ් කණ්ඩායමේ ප්‍රධානතම ගෝල්ෆ් ක්‍රීඩිකාවක් වන ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ඒ.සී රත්නායක ගේ නායකත්වයෙන් යුත් යුද්ධ හමුදා ක්‍රීඩා කණ්ඩායම තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනාගත් අතර දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද ඇයට හිමිවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහභාගිවූ අතර ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සඳහා ද එතුමන් එක්විය.

මෙම තරඟාවලිය නැරඹීමට මෙන්ම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ගෝල්ෆ් ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගි වූහ.

bridge media | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4