Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2018 19:33:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ නව ශ්‍රවණාගාරයේ දෙවන අදියරේ ඉදිකිරිම් ආරම්භ කෙරේ

චීන අරමුදල් මත ඉදිකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ දෙවන අදියරේ ඉදිකිරිම් කටයුතු චීන සමුප්‍රදායන්ට අනුව සරල උත්සවයකින් අඟහරුවාදා (8) දින ආරම්භ කරනු ලැබීය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ස්යු ජියන්වෙයි (Senior Colonel Xu Jianwei) ප්‍රමුඛ චින නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ අංශ ප්‍රධානින් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති විසින් සංකේතාත්මකව පිත්ත පටිය කපා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීම ද සිදු කරනු ලැබීය.

latest Nike Sneakers | NIKE