Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2018 22:49:12 Hours

ජවන හා පිටිය ඉසව් 35 කින් සමන්විත ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2018’ සාර්ථකව අවසන්වෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරඟාවලියන් අතරින් ඉතා කැපීපෙනන තරඟාවලියක් වන ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2018’, එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී සෙනසුරාදා (05) දින සිට තෙදිනක් පුරාවට පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය මෙන්ම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබු අතර තරඟාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විවිධ සංස්කෘතික අංගයන්ගෙන් යුත් උත්කර්ෂවත් අන්දමින් පැවැති පෙරහැරකින් එතුමන් ක්‍රීඩා පිටිය වෙත කැටුව යන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, 22 වන සේනාංකය, 23 වන සේනාංකය, 24 වන සේනාංකය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මෙම මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදි වෘත්තීය මට්ටමින් ඔවුන් සතු ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙම මළල ක්‍රීඩා උළෙල මැරතන් ධාවන තරඟ සහ සහාය දිවිමේ තරඟ, දිගු දුර ධාවනය, උස සහ දුර පැනීම, යගුලිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම වැනි ජවන හා පිටිය ඉසව් 35 කින් සමන්විත වූ අතර, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා ඉතා උද්යෝගයකින් සහභාගි වී සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩා ලෝලි ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිය දක්ෂතාවයන් එළිදැක්විය.

මෙම තරඟාවලියේ අවසන් දිනයේ දී මීටර් 1500 පිරිමි අවසන් තරඟය, මීටර් 100 කාන්තා අවසන් තරඟය, මීටර් 100 පිරිමි අවසන් තරඟය, කඹ ඇඳීම කාන්තා අවසන් තරඟය, කඹ ඇඳීම පිරිමි අවසන් තරඟය, මීටර් 100 x 4 කාන්තා සහාය දිවීමේ තරඟාවලියේ අවසන් තරඟය සහ මීටර් 400 x 4 පිරිමි සහාය දිවීමේ තරඟාවලියේ අවසන් තරඟය යන තරඟ ඉසව්වන් පවත්වනු ලැබීය. තවද, මෙම තරඟාවලියේ දී ආරාධිත පාසල් සහාය දිවීමේ තරඟාවලියක් මෙන්ම ආරක්‍ෂක සේවා මීටර් 400 x 4 සහාය දිවීමේ තරඟාවලියක් ද පැවැත්විණි. මෙහිදි පැවති තුර්යවාදක සංදර්ශනය මඟින් භට පිරිස් සතු කලා කුසලතාවයන් ද එළිදක්වන ලදි.

මෙම මළල ක්‍රීඩා උළලේ පැවති සමස්ත තරඟාවලින් අතුරින් 22 වන සේනාංක කණ්ඩායම ලකුණු 193 ක් සහ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම ලකුණු 246 ක් ලබාගනිමින් පිළිවෙලින් පිරිමි අංශයේ සහ කාන්තා අංශයේ ශූරතාවයන් හිමිකරගත් අතර 23 වන සේනාංක කණ්ඩායමට සහ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායමට අනුශූරතාවයන් හිමිවිය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩකායාට හිමි සම්මානය 16 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ දෙවන ලුතිනන් ඩී.එම්. කනිෂ්ක ගයාෂාන් විසින් හිමිකරගත් අතර දක්‍ෂතම මළල ක්‍රීඩිකාවට හිමි සම්මානය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් අයි.එල්.එස්. මධුවන්ති විසින් හිමි කරගත්හ.

affiliate link trace | Ανδρικά Nike