08th May 2018 22:43:18 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද මූලික දෙමළ භාෂා පාඨමාලාව මාස 4 කට අධික කාලයක් සාර්ථකව හදාරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානෝත්සවය සිකුරාදා (04) දින මූලතිව්, ඕඩ්ඩුසුඩාන් පිහිටි 643 බලසේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම පාඨමාලාව, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ යොජනාවකට අනුව 643 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මාර්තු මස 01 වන දින සිට මැයි මස 04 වන දින දක්වා සතියේ දින 7 පුරාවටම පවත්වනු ලැබීය.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහභාගි වූ අතර, පාඨමාලාව සාර්ථකව හදාරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනා වෙත කෙටි දේශනයක් ද එතුමන් සිදු කරනු ලැබීය. 643 වන බලසේනා මූලස්ථානයේ පැවැති මෙම උත්සවය සඳහා 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද සහභාගි වූහ.
64 වන සේනාංකයේ භට පිරිස් හට මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ලද දැනුම, දමිළ භාෂාව පුළුල් ලෙස කථාබහට ලක්වන මෙම ප්‍රදේශවල රාජකාරි සිදුකිරිමේ දී බෙහෙවින් උපකාරිවනු ඇත.
Best Sneakers | Nike SB