Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2018 11:51:03 Hours

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් උතුරේ දී සිහිපත් කෙරේ

උතුරු පළාත් අණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණය ඇතිව රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2018 මැයි මස 04 දින පලාලි හිදී සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවය යාපනය, පලාලි පිහිටි රණවිරු ස්මාරකය අභියස දී භික්ෂුන් වහන්සේලා, හින්දු, ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් අණ්ඩුකාර ගරු රෙජිනොල්ඩ් කූරේ මහතා සහභාගි විය. රණවිරු සේවා අධිකාරියේ සභාපතිණි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් රණවිරු අනුස්මරණ උත්සව සභාව අමතනු ලැබීය.

රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සඳහා යාපනය ඉන්දිය මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වෙදනායහම් මහතා, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, කිලිනොච්චි සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන නියෝජිතයින්, උතුරු නාවික අණදෙන නියෝජ්‍ය ආඥාපති, අණදෙන නිලධාරින්, පලාලි ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් සහ යාපනය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් ද එක්ව සිටියහ.

buy shoes | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth