08th May 2018 12:20:38 Hours
ජාතින් අතර සහජිවනය ශක්තිමත් කිරීමේ සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් ක්‍රීඩා ලෝලින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (28) දින කින්නියා මහජන ක්‍රීඩාංගනයේ දී ක්‍රීකට් තරඟාවලියක් පවත්වනු ලැබීය.
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීම මත 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී. එදිරිවීර ගේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබු මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා මූතුර් ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 39 ක් සහභාගි විය.
කින්නියා ක්‍රීඩා සමාජය සමගින් මූතුර් ක්‍රීඩා සමාජය අවසන් තරඟයට සුදුසුකම් ලැබු අතර තියුණු තරඟයකින් අනතුරුව කින්නියා ක්‍රීඩා සමාජය තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය. මෙම තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සඳහා ආගමික පූජකවරුන් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
Running sports | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov