Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2018 12:57:13 Hours

යුද්ධ හමුදා භට පිරිස් පාසලේ අබලන් වූ ගොඩනැගිල්ලේ වහලය ඉවත් කිරීමේ අභියෝගය භාරගනී

පාසල් බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ පූර්ණ සහයෝගය සහ අධීක්‍ෂණය මත මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (03) දින මූලතිව්, ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි කතලියර් සමනම්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ අබලන් වූ ගොඩනැගිල්ලේ වහලය ඉවත් කිරීමේ අභියෝගය සාර්ථකව දියත් කරනු ලැබීය.

විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව, භට පිරිස් පළමුව පාසල් පරිශ්‍රය නිරීක්‍ෂණය කල අතර එළඹෙන වැසි සමයේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වය සමඟ අබලන් වූ ගොඩනැගිල්ලේ වහලයේ අවධානම පිළිබඳව විදුහල්පතිතුමා විසින් භට පිරිස් දැනුවත් කරන ලදී.

තවද ගොඩනැගිල්ලේ අබලන් ස්වභාවය හේතුවෙන් වහලය අලුත්වැඩියා කිරීමේ වගකීම දැරීමට කිසිදු වඩු කාර්මිකයෙකු හෝ වෙනත් කාර්මිකයෙකු සූදානම් නොමැති බවට විදුහල්පතිතුමන් 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව, 642 බලසේනාවේ භට පිරිස් සිය තාක්ෂණික නිපුණත්වය පෙන්නුම් කරමින් අබලන් වූ ගොඩනැගිල්ලේ වහලයේ සියළුම උළු සහ පරාල ඉවත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය කෙතරම් අසීරු වූවද, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.

යුද්ධ හමුදා භට පිරිස්හි ප්‍රවීණත්වය හා උදාරත්වය පිළිබීඹු කරමින් මෝසම් වැසි සමයට පෙර ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාසලේ විදුහල්පතිතුමන් සහ කාර්යමණ්ඩලය සිය ස්තුතිය පුද කළහ.

Authentic Sneakers | FASHION NEWS