Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2018 08:49:09 Hours

මුලතිව් භට පිරිස් විසින් කෙප්පාපිලව්හි ඇතිවූ ලැව් ගින්නක් පාලනය කරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් සෙනසුරාදා (05) දින මුලතිව්, කෙප්පාපිලව් ප්‍රදේශයේ නැවතවරක් සීඝ්‍රයෙන් පැතිර ගිය ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

සෙනසුරාදා (05) දින ඇතිවූ මෙම ගින්න පිළිබද සැලවීමත් සමග මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් එම ස්ථානයට ළඟාවී යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 100 කට අධික භට පිරිසක් එක්ව සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පැවැති ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට ආසන්නයේ කෙප්පාපිලව් රක්ෂිතයේ ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට භට පිරිස් සෙනසුරාදා (05) දින සන්ධ්‍යාව වන තෙක්ම ක්‍රියාකළහ.

Best Authentic Sneakers | シューズ