Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2018 19:27:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ත්‍රිකුණාමල වරායට පැමිණි මර්සී නෞකාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගියදා, 2018 පැසිෆික් සහයෝගිතා වැඩසටහනට අනුව ත්‍රිකුණාමලය වරයාට පැමිණි ලෝකයේ විශාලතම පාවෙන රෝහල වන එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍ය සේවා මර්සී නෞකාවේ (USNS Mercy T-AH 19) නිරීක්ෂණ සංචාරයක නිරත විය.

සංචාරක නියෝජිතයින්ගේ මඟපෙන්වීම ඔස්සේ එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍ය සේවා නෞකාවේ සැත්කම් කාමර 12 ක්, අංග සම්පුර්ණ දැඩි සත්කාර ඒකකයක්, ඩිජිටල්  විකීරණ සේවයක්, අති නවීන වෛද්‍ය විද්‍යාගරයක්, ලේ බැංකුවක් සහ රෝගී ඇඳන් 1000 කින් සමන්විත වේ.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු පිරිස සෞඛ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ගෝලීය සැත්කම් හා ඇමරිකා එක්සත් ජනපදයේ වොල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ආඥාපති තමරා වොල්ටන් (global surgery of Uniformed Services University of the Health Sciences and Walter Reed National Military Medical centre of USA, Commander, Tamara Worlton ) සහ එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍ය සේවා මර්සී නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් පීටර් එෆ්. රොබට්ස් (Commanding Officer, Captain Peter F.Roberts, MC, USN) සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්විය.

දකුණු ආසියා පැසිෆික් කලාපයේ 2018 පැසිෆික් සහයෝගිතා වැඩසටහනට අනුව ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය, ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවල්හි සංචාරය කරමින් හදිසි ආපදා අවස්ථාවන්හිදි වෛද්‍ය පහසුකම් ලබාදුනි. තවද මෙම නෞකාව බහුජාතික හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගෙන් සමන්විතය.

මෙම නෞකාවේ හමුදා සහ සිවිල් සාමාජිකයින් 800 ක් පමණ සේවය කරන අතර ඔවුන් එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, පේරු රාජ්‍ය සහ ජපානය යන රටවලට අයත් වේ. තවද මෙම නෞකාවේ සහයෝගය සඳහා නාවික බළඇණි 7 ක් සහිත වේගවත් ප්‍රවාහන නෞකාවක් වන එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍ය සේවයේ ෆෝල් රිවර් නෞකාව එක්ව ඇත.

ඉන්දියන් සාගරය හා අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයක් විනාශයට පත් කරමින් 2004 වර්ෂයේ ඇතිවූ භූමිකම්පාව හා සුනාමි තත්ත්වයට මානූෂිය ආධාර සැපයීමට මෙහෙයවන ලද පැසිපික් සහයෝගිතාව බහුජාතික මෙහෙවරේ 13 වන වසර සමරයි. ඒ අනුව, මෙම මෙහෙවරේ දැඩි අවධානය මානුෂිය ආධාර ලබාදීම මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට, ස්වාභාවික විපත් සහ නොසන්සුන්කාරි ක්‍රියාවන්ට විශාල වශයෙන් බලපාන ගෝලීය කලාපයන්හි මිතුරු පාර්ශවීක රටවල් සහ හවුල්කරුවන් සමඟ සබඳතා ගොඩනැගීම මෙන්ම එම බැඳිම් ශක්තිමත් කිරීම ඔවුන්ගේ මෙහෙවර වෙයි.

මර්සී නෞකාව ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමට සුදානමින් ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ වියට්නාමය යන රටවල්හි සංචාරය කර ජපානයෙන් අවසන් කිරීමට නියමිතය. එමෙන්ම, පැසිෆික් සහයෝගිතා මෙහෙයුමට ශ්‍රී ලංකාව එක්වූ දෙවන වසර ද මෙය වේ.

විවිධ ප්‍රජා ක්‍රියාකාරි ව්‍යාපෘති, ප්‍රජා සෞඛ්‍ය හුවමාරු, වෛද්‍ය සම්මන්ත්‍රණ හා ආපදා ප්‍රතිචාර පුහුණු කටයුතු, ප්‍රජා සම්බන්ධතා ව්‍යාපෘතින් පිළිබඳ වෛද්‍ය, දන්ත වෛද්‍ය, සිවිල් ඉංජිනේරු සහ පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව නීල වශයෙන් ක්‍රියා කරනු ලබයි.

Asics shoes | 『アディダス』に分類された記事一覧