04th May 2018 19:27:32 Hours
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පාසල් හැරගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පූඩෝ ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස 26 සහ 27 දිනයන්හි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්නු ලැබීය.
මෙම වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම හා පූර්ණ අධීක්‍ෂණය මත පවත්වනු ලැබීය.
මෙම දෙදින වැඩමුළුව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 වකට අධික පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ උපදේශකයින් වන සැරයන් ටී.එස්.ජි.ටී.එස්. පරකඩුව, කෝප්‍රල් ජි.එස්.ඒ.ඒ.වී. ෂාන් බන්දු, කාන්තා සෙබළ ශානිකා සහ කාන්තා සෙබළ වී.ජේ.එස්.එච්. කුමාරි විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබීය.
මෙම වැඩමුළුවේ සම්බන්ධිකරණ කටයුතු කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි මොහාන්දාශ් මහතා විසින් සිදු කරනු ලැබීය.
Buy Kicks | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ