Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2018 18:22:49 Hours

මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර යුද්ධ හමුදා දිවියෙන් සමුගනී

යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, අප්‍රේල් මස 26 වන දින සිය ධූරයෙන් මෙන්ම යුද්ධ හමුදා දිවියෙන් ද සමුගත්හ.

නික්ම යන කර්නල් සේනාවිධායකතුමන් විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පනාගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කළ අතර කාලතුවක්කු හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා ඒකකයන් මෙන්ම කාලතුවක්කු හමුදා පුහුණු පාසලේ භට පිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. නික්ම යන කර්නල් සේනාවිධායකතුමන්, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවැති තේපැන් සංග්‍රහයට ද සහභාගි වූ අතර සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, වසර 34 කට අධික කාලයක් සිය උපරිම හැකියාවෙන් රටට කරන ලද සේවය මතක සටහනක් ලෙස මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

නික්ම යන කර්නල් සේනාවිධායකතුමන් සමුගැනීමේ කථාවේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් සිය සේවා කාලය තුල ලබාදුන් නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය ද පුද කළ අතර සියලුනිල රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.

Asics footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos