Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2018 15:30:49 Hours

යුද්ධ හමුදා භට පිරිස් හි දායකත්වයෙන් කොටගල දෙමළ මහා විද්‍යාල සිසුන් සඳහා නව සනිපාරක්‍ෂක වැසිකිලි පද්ධතියක්  

නුවර එළිය දිස්ත්‍රික්කයේ කොටගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම විද්‍යාලය සඳහා අත්‍යවශ්‍යව පැවති සනිපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරිම සඳහා රුපියල් ලක්‍ෂ 13 ක මුදලක් වැය දරමින් ඉංජිනේරු සේවා බලකා භට පිරිස් විසින් නව සනිපාරක්‍ෂක වැසිකිලි පද්ධතියක් ඉදිකරදෙන ලදි.

ඉදිකරන ලද මෙම නව සනිපාරක්‍ෂක වැසිකිලි පද්ධතිය මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් ඊ.ආර්.පි වීරවර්ධන විසින් කොටගල දෙමළ මහා විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබිය.

මෙම සනිපාරක්‍ෂක වැසිකිලි පද්ධතිය ඉදිකිරිමේ කාර්යය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වන ඉංජිනේරු සේවා බලකා සහ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු භට පිරිස් දායකත්වය සැපයු අතර යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන ලද මෙම සත්කාරය පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණඩලය මහත් ඇගයිමට ලක් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ පාසලේ සිසු දැරියන් රැසක් එක්ව සිටියහ.

Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ