Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2018 15:03:30 Hours

වසර 19 කට පසු ආරක්‍ෂක සේවා දැල්පන්දු ශුරතාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිනාගනි

ආරක්‍ෂක සේවා දැල්පන්දු ශුරතාවලිය - 2018 පසුගිය සඳුදා (30) දින බම්බලපිටිය, ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම සහ ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම විසින් ලද මෙම ජයග්‍රහණය වසර 19 කට පසු හිමිවිම ද විශේෂත්වයකි.

වර්ෂ 1999 දී ජයග්‍රහණය හිමි කරගැනිමෙන් පසු ප්‍රතිමලලුන් පිටු දැකිමේ ක්‍රමයට (League Basis) පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජයග්‍රහණය හිමිකරගන්නා ලදී.

ජතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිඩිකාවන් 7 දෙනකුගෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමන්විත වුවද ඔවුන් පරදවමින් ලකුණු 46 – 40 ක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගැනිමට සමත්විය. පළමු තරග වට 2 හිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 11 – 10 ක් හා 12 – 10 ක් ලෙසින් පරාජය කරන ලදී.

තවද, තුන්වන වටයේදි තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එම වටය ද 12 – 7 ක් ලෙසත්, මුලු ලකුණු සංඛ්‍යාව (35 - 27) ලෙස ලකුණු 8 කින් පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත් විය. 4 වන වටයේදී 11 – 13 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයගන්නා ලද අතර සමස්ථ තරගයේ මුලු ලකුණු සංඛ්‍යාව 46 – 40 ක් වශයෙන් ලකුණු 6 කින් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්විය.

Buy Kicks | Nike Shoes