Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2018 14:54:41 Hours

සිවිල් වෘත්තිකයන් විසින් කුරුවිට දී ගැමුණු හේවා රෙජිමේන්තු නිලධාරින් දැනුවත් කරයි

ගැමුණු හේවා බලඇණියේ නිලධාරින්ගේ වෘත්තීමය තත්වය වැඩිදියුණු කිරිමේ අරමුණින් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සිවිල් වෘත්තිකයන් සහ දැනුමින් පරිපුර්ණ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්ගේ සහයෝගය ඇතිව දේශණ මාලාවක් පවත්වන ලදී.

මෙහිදි ‘ඉතිහාසය තුලින් මැකීයන ඉතිහාසය - අද සහ හෙට’ ('History Expelled from History - Today and Tomorrow') සහ ‘දකුණු ආසියාවේ න්‍යෂ්ඨික සංකීර්ණත්වය’ ('Nuclear Complexities in South Asia') යන මාතෘකා ඔස්සේ ආරාධිත දේශකයන් දෙපලක් වන තිලක් කන්දෙගම මහතා සහ සනත් ද සිල්වා මහතා විසින් බහුවිධ මාධ්‍ය උපයෝගි කරගනිමින් හරවත් දේශණයක් පැවැත් වු අතර බුත්තල, නිලධාරි ප්‍රගමන සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් නාලක මල්සිංහ විසින් ‘කාල කළමණාකරනය’ ('Time Management') පිළිබඳ දේශණයක් ද පවත්වන ලදී.

මෙම පුහුණු සැසිය යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි හා ගැමුණු හේවා බලඇණියේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්‍ෂණය යටතේ පවත්වන ලදී.

Best jordan Sneakers | Nike