02nd May 2018 14:54:24 Hours
21 වන පාබල සේනාංකය සිය 30 වන සංවත්සරය එම සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ සහභාගීත්වයෙන් 2018 අප්‍රේල් මස 4 වන දින අනුරාධපුරයේ දි පවත්වන ලදී.
සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 30 වන සංවත්සරය වෙනුවෙන් 2018 මාර්තු මස 24 වන දින එම සේනාංක භට පිරිස් හි සහභාගිත්වයෙන් රුවන්වැලි සෑ පුද බිමෙහි ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලද අතර මවුබිමේ ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදු සියළුම රණවිරුවන් මෙන්ම දැනට සේවයේ නියුතු භට පිරිස් සඳහා පින් පැමිණවීමේ හා සෙත් පැතීම උදෙසා බෝධි පුජාමය පිංකමක් ද 2018 අප්‍රේල් මස 03 වන දින පවත්වන ලදී.
මෙම සංවත්සර දිනයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව 22 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ. එහිදි සේනාංකාධිපතිතුමන් භට පිරිස් අමතමින් 21 වන සේනාංකය අද පවතින උසස් මට්ටමකට ගෙන ඒම සඳහා දායකත්වය ලබා දුන් පෙර සිටි සේනාංකාධිපතිවරුන් සහ එම භට පිරිස් වෙත සිය කෘතඥතාවය පුදකර සිටින ලදී. අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ සුහද හමුවක් ද සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදී.
මෙම සංවත්සර දිනයට සමඟාමීව එම සේනාංක භට පිරිස් විසින් 2018 අප්‍රේල් මස 05 වන දින ධර්ම දේශණාවක් සංවිධානය කරන ලදී. 21 වන සේනාංකයේ 30 වන සංවත්සරයේ අවසාන අංගය ලෙස වර්ණවත් සංගිත සංදර්ශණයක් ද 2018 අප්‍රේල් මස 06 වන දින පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහභාගි විය.
මෙම අවස්ථාවන් සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.
Nike air jordan Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD