Header

Sri Lanka Army

Defender of the Nation

01st May 2018 15:55:14 Hours

නව පැරෂුට් භටයින් 37 දෙනෙකු වෙත නිළ ලාංඡන පළඳවයි

කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ මුලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් 37 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවිමේ වර්ණවත් මෙන්ම ත්‍රාසජනක උත්සවය පසුගියදා එම පුහුණු පාසලේ දී පවත්වන ලදි.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් මධුර වික්‍රමරත්නගේ ආරාධනයෙන් මෙම නිළ ලාංඡන පැළදවිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, විශේෂ බලකායේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගි විය.

යුද්ධ හමුදා රෙජිමේන්තු සහ නාවික හමුදාවේ නාවික බලඇණි නියොජනය කරමින් තෝරාගත් නව පැරෂුට් භටයින් 37 දෙනෙකු තම පැරෂුට් නිළ ලාංඡනය, නිදහස් ආර පැරෂුට් ලාංඡන සහ ජම්ප් මාස්ටර් සුදුසුකම් ලාංඡන ලබාගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි - 17 හේලිකෝප්ටර් යානයකින් පැන පැරෂුට් ආධාරයෙන් ගුවනේ දී වර්ණවත් සංදර්ශනයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

ඔවුන් අතරින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ නිදහස් ආර පැරෂුට් ක්‍රීඩකයින් 7 දෙනෙකු නිදහස් ආර පැරෂුට් ලාංඡන හිමිකරගත් අතර, කමාන්ඩෝ රෙජිමේන්තුවේ තිදෙනෙකු ජම්ප් මාස්ටර් සුදුසුකම් ලාංඡන හිමිකරගනු ලැබීය. එම පැරෂුට් ක්‍රීඩකයින්ගේ ඥාති හිතමිත්‍රාදින් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් මධුර වික්‍රමරත්න, ලුතිතන් කර්නල් සුමාල් වික්‍රමසේකර සහ පැරෂුට් පුහුණු පාසලේ මේජර් නලින් කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bridge media | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp