Header

Sri Lanka Army

Defender of the Nation

01st May 2018 14:41:09 Hours

55 වන සේනාංකයේ භට පිරිස් ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග’ පිළිබඳ දැනුවත් කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 55 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග’ සහ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ශරීරගතවීම හෙවත් ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් කිලිනොච්චි රෝහලේ ලිංගාශ්‍රීත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු විසින් බදාදා (25) දින පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග’ සහ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ශරීරගතවීම හෙවත් ඒඩ්ස් රෝගය වැළදීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම දේශණයේ දී ලිංගාශ්‍රීත රෝග ව්‍යාප්තවීම වළක්වා ගන්නා ආකාරය සහ ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා 200 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.

trace affiliate link | Releases Nike Shoes