Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2018 14:25:27 Hours

යුද්ධ හමුදාවේ දායකත්වයෙන් දිවයින පුරා ඉදිකල වෙසක් කලාපයන් දහස් සංඛ්‍යාවක ජනතාවගේ ආකර්ශණය දිනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දිනය (අප්‍රේල් මස 29) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, බෞද්ධාලෝක මාවත, වාළුකාරාමය, කොල්ලුපිටිය සහ ගංගාරාම වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය රට පුරා පිහිටි වෙසක් කලාප සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම වෙසක් කලාප සැරසීම, බැති ගී ප්‍රසංග පැවැත්වීම, දන්සැල් පැවැත්වීම සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලැබීය.

මෙම වසරේ ජාතික වෙසක් උත්සවය (අප්‍රේල් මස 26 දින සිට මැයි මස 2 දින දක්වා) ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් සෙනසුරාදා (28) ජාතික වෙසක් උත්සවය ආරම්භ කිරීමට පෙර බිංගිරිය, දේවගිරි රජමහා විහාරයේ යුද්ධ හමුදාව විසින් ඉදිකරණ ලද ධර්ම ශාලාව සිකුරාදා (27) දින ගරු බුද්ධශාසන අමාත්‍යතුමන් විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය, ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස්හි සහාය ඇතිව යාපනය නාගවිහාර පරිශ්‍රය වෙසක් කූඩු සහ විදුලි ආලෝකයෙන් වර්ණවත් කරමින්, ‘යාපා පටුනයි දහම් අමාවයි’ වි‍ශේෂ වෙසක් තොරණක් ඉදිකරවා දන්සැලක් ද පවත්වන ලදී. සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් නාවත්කුලි විද්‍යාලයේ සිසුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබූහ.

එමෙන්ම, වවූනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය දායකත්වය දක්වනු ලැබීය. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ශීල ව්‍යාපාරයක්, බැති ගී ප්‍රසංගයක්, දන්සැලක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත් වූ අතර, බෞද්ධ කොඩිවලින් දෙපස අලංකාරවත් කරන ලදී. සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් යුද්ධ හමුදා ගායක කණ්ඩායමක් විසින් සිංහල හා දමිළ යන භාෂා ද්වීත්වයෙන්ම බැති ගී ගායනා කරනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මගපෙන්වීම යටතේ සෙවනපිටිය ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය හා පොළොන්නරුව නගරය, වැලිකන්ද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන් ආවර්ණය වන පරිදි වෙසක් කුඩු ප්‍රදර්ශන, බෞද්ධ නාට්‍ය, බැති ගී ප්‍රසංග සහ දන්සල් සංවිධානය කරනු ලැබුහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි වෙසක් කලාපයක් සංවිධානය කළ අතර, එහිදි බෝධි පූජා පිංකම්, ආගමික වැඩසටහන්, බැති ගී සංදර්ශන සහ වෙසක් කූඩු ප්‍රදර්ශන ද පැවැත්විය.

එසේම, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම මුලස්ථාන භට පිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ වර්ණවත් වෙසක් කුඩු ප්‍රදර්ශනයක් සහ සිවිල් ජනතාව වෙනුවෙන් දන්සලක් ද පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආශිර්වාදයෙන් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් බිංගිරිය, දේවගිරි රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදි.

වෙසක් පොහෝය දිනයේ (අප්‍රේල් 29) යුද්ධ හමුදා මූලස්ථානයේ සහ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් සමඟ එක්ව පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී ශීල සමාදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

එසේම, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් නිර්මාණාත්මක සහ කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරමින් බුද්ධ චරිතය හා සම්බන්ධ බැති ගී ගායනා සහ නර්ථනාංග ඉදිරිපත් කරමින් බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය, වාළුකාරාමය, කොල්ලුපිටිය, ගංගාරාම ජාතික ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාප සඳහා සිය දායකත්වය සැපයිය.

දියතලාව පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් ද එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ මුතු කුමරු ක්‍රිඩාංගණයේ දී වෙසක් කුඩු ප්‍රදර්ශනයක් ඇතුලු ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉරිදා (29) සන්ධ්‍යාවේ දියතලාව නගරයේ දී දන්සැලක් සහ වෙසක් බැති ගී තරඟයක් ද පවත්වන ලදි. තවද, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය විසින් ද හම්බන්තොට දී වෙසක් කලාපයක් සංවිධානය කර තිබුණි.

ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් අද (30) සන්ධ්‍යාවේ දී තවත් විශේෂ වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මීට අමතරව, අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානය ඉදිරිපිට වෙසක් කලාපයක් පවත්වා එහි වෙසක් කූඩු ප්‍රදර්ශනය කරන ලදි.

එසේම, රත්නපුර, කුරුවිට වෙසක් උත්සවය පැවැත්විම සඳහා ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ භට පිරිස් සිය සහයෝගය දක්වනු ලැබීය.

සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ද වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වෙසක් කලාපයක් සංවිධානය කරන ලදි.

latest jordan Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD